නේටෝ මිතුරන්ගේ ආරක්‍ෂාව හා ස්ථාවරත්වය සහතික කිරීමේ පියවරක් ලෙස
ඇමරිකාව විසින් ළගදීම යුරෝපයට F-22 ප‍්‍රහාරක යානා ලබාදීමට නියමිතව ඇතැයි
වාර්තා වේ.
ඇමරිකානු ගුවන් හමුදා ලේකම් ඩෙබොරා ලී ජේම්ස් පවසා ඇත්තේ මෙය ඉතාමත් කඩිනමින් ක‍්‍රියාත්මක කරනු ඇති බවයි.
F-22 යානා රඳවන ස්ථානයන් හෝ කුමන කාලසීමාවකදීද යන්න ලේකම්වරිය විසින්
සඳහන් කර නොමැති අතර එය ප‍්‍රහාරක අණදෙන නිලධාරී අවශ්‍යතා සඳහා සහය පළ
කිරීමක් ලෙස සිදුකරන බව ඇය පවසා තිබේ. යුක්රේනය තුළ රුසියානු හමුදා
ක‍්‍රියාකාරීත්වය ඇමරිකාවටත් යුරෝපීය මිතුරන්ටත් දැඩි අවධානයට කරුණක් වී
ඇති බව ජේම්ස් දක්වා ඇත.
මේ යටතේ F-22 ප‍්‍රහාරක යානා යෙදවීම යනු ගුවන් හමුදාවේ පාර්ශ්වයෙන් ශක්තිමත් පියවරක් බව ඇයගේ අදහසයි.
නැගෙනහිර යුක්රේනයේ ගැටුම්කාරී තත්වයක් ඇවිළවීම පිළිබඳව වොෂින්ටනය
රුසියාවට චෝදනා කරන අතර පෙබරවාරි මස මින්ස්ක්හිදී අත්සන් කරන ලද සටන් විරාම
ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා රුසියාව සහය දිය යුතු බවද ඔවුන්ගේ මතය
වේ.
තනි අසුනක් සහිත F-22 ප‍්‍රහාරක යානා භාවිතා කරන ආකාරය ඇමරිකානු
නියමුවන් විසින් නේටෝ සාමාජික රාජ්‍යයන්හි නියමුවන්ට පුහුණු කිරීමටද
නියමිතව ඇත.
යුරෝපයේ රැඳවීමට නියමිත ප‍්‍රහාරක යානා ප‍්‍රමාණය මෙතෙක් සඳහන් කර
නොමැති අතර මේ වන විට ඇමරිකානු ගුවන් හමුදාව සතුව පස්වන පරපුරේ ත්-22 යානා
180ක් පවතී.

No comments:
Post a Comment