තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාසදම්ම නම් නිගමෙහි
වැඩසිටින අවස්‌ථාවෙක්‌හි භික්‌ෂුන් අමතා ‘ඒකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ
සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දොaමනස්‌සානං
අත්තංගමාය ඥයස්‌සඅධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියායයදිදං
චත්තාරෝසතිපට්‌ඨානා…’ ලෙස දේශනා කර වදාළ සේක. එනම් මහණෙනි යම් සතර
සතිපට්‌ඨානයක් වෙත්ද එය සත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේවයන් ඉක්‌මවීම
පිණිස, දුක්‌ඛ දොaමනස්‌සයන්ගේ කෙළවර පිණිස, ඥය නම් වූ අරිහත්බව අධිගමනය
පිණිස, නිවන සාක්‌ෂාත් පිණිස එකම එක මාර්ගය වේ යනුයි. සරලව විස්‌තර කරන්නේ
නම් පරමාර්ථ වශයෙන් ඇත්තාවූ දුක්‌ඛයන් කෙළවර කිරීම පිණිස ආර්ය අෂ්ඨාංගික
මාර්ගය වැඩීම හැර අන් කිසිදු විසඳුමක් නැත්තේමය යනුයි.
යම් පරමාර්ථ වශයෙන් පවතින ගැටලුවකට හීනාර්ථ විසඳුම් නොමැති ය. ඒ විසඳුමද
පරමාර්ථයක්‌ම විය යුතුය. එය එසේමය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ඵලය නම්
නිර්වාණයයි. ඒ නිර්වාණ පරමාර්ථිය විසඳුම ලැබෙනුයේ පරමාර්ථ දුකටමය.
යම් පරමාර්ථයක් වේ නම් හීනාර්ථයන් එහි ප්‍රත්‍යයෝත්පන්නයෝය. එනම් හීනාර්ථයෝ පරමාර්ථයන් නිසා හටගත්තෝය.
එයද එසේමය. පරමාර්ථ වූ නාම රූප පවතින බැවින්ම හීනාර්ථ දුක්‌ඛ
දොaමනස්‌සුපායාසයන් පහළ වෙත්. එබැවින් හීනාර්ථයෝ පරමාර්ථ තුළ අන්තර්ගතය. ඒ
අනුව යම් ගැටලුවකට පරමාර්ථ විසඳුමක් වේ නම් හීනාර්ථ ගැටලුවලටද එහිම විසඳුම
තිබිය යුතුය. එනයින් ජරාමරණ නම් වූ දුක්‌ඛස්‌කන්ධයට පරමාර්ථ විසඳුම්
සෙවීමේදී සෝක පරිදේව දුක්‌ඛ දොaමනස්‌ස උපායාස ආදී දුක්‌වලට නිතැතින්ම
විසඳුම් ලැබේමය.
ඒ අනුව බලන කල යමෙකු සෘජුවම නිවන උදෙසා කටයුතු කරයි නම් ඔහු ජීවත්වන කල
ඔහුට ඇතිවන්නා වූ අනේක විධ දුක් කම්කටොලුවලට නිශ්චිත විසඳුම් ලැබෙනු
නියතය.
එය එසේ විය යුතුය. කිමද යත් මේ ධර්ම විනය ස්‌වාක්‌ඛාතය. යමෙකු
ස්‌වාක්‌ඛාත ධර්ම විනයෙහි ඇරැඹූ වීරියෙන් වාසය කරයිද, ඔහු සුවසේ වාසය
කරන්නේය. එබැවින් මෙසේ වදාළේමය. ‘ස්‌වාක්‌ඛාතේ භික්‌ඛවේ ධම්ම විනයේ යෝ
ආරද්ධ විරියෝ සෝ සුඛං විහරති. තං කිස්‌ස හේතු? ස්‌වාක්‌ඛාතත්තා භික්‌ඛවේ
ධම්මස්‌ස් (අ.නි. 1,16,3,13)
මේ අනුව විමසා බලන කල වත්මන් බෞද්ධයාගේ පරිහානියේ මූල බීජය නම් ඔහු ආර්ය
අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වීමයි. එනම් නිර්වානාධිගමය පසෙකලා තණ්‌හා වසඟ
වීමයි. සරලවම කිවහොත් නාමමාත්‍රිකව තෙරුවන් සරණ ගොස් අසරණව දිවි ගෙවීමයි.
කෙසේ නාම මාත්‍රිකව සරණ ගියේද? කෙසේ අසරණ වූයේද? වත්මන් බෞද්ධයා තම ආගම
උප්පැන්නයට පමණක් සීමා කරයි. (නුවණැත්තෝ ස්‌වල්ප දෙනෙක් සටිති. ඔවුන්
අකාලිකය). තමාට මාපිය උරුමයෙන්, උප්පැන්නයෙහි ආගම සඳහන් කළ යුතු තීරුවෙහි
බුද්ධාගම ලෙස සඳහන්ව ඇති බැවින් ඔහු බෞද්ධයෙකි. යමෙකු බුදුන් සරණ ගියේ නම්
ධර්මය සරණ ගියේ නම් සංඝයා සරණ ගියේ නම් හෙතෙමේ උපාසකයකු වන්නේ යෑයි
තථාගතයන් වහන්සේ ශ්‍රී මුවින් දේශනාකර ඇත. එසේ නම් යමෙකු බෞද්ධයකු වන්නේ
කෙසේද?
වත්මනෙහි සැබෑ උපාසික උපාසිකයෝ අතලොස්‌සක් පමණ ලංකාවෙහි සිටිනු ඇතැයි
විශ්වාස කරමි. ඔවුන් සැබෑවට සරණ ගිය අය වන බැවිනි. සෙසු නාමමාත්‍රිකයෝ
සහතික බෞද්ධකම කරපින්නා මිථ්‍යාදෘෂ්ටියෙහි හැසිරෙන්නෝ ය. එනම් අර අතළොස්‌ස
හැර සෙසු අය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බැහැර කර ඇත. භෞතිකවාදය, සමාජවාදය,
ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය, පූජා ශෝශ්ත්‍ර, පේන, නක්‌ෂත්‍ර යනාදී වූ එකලාම
මිථ්‍යා වූ මත තුළ හැසිරෙයි. ගිහියන් පමණක් නොව ඇතැම් පැවිද්දන්ද මේ ගණයට
වැටෙති. එහෙයින් ප්‍රතිපත්තිය බැහැර කිරීමට නාම මාත්‍රිකව සරණ යැම හා
අසරණවීම වේ.
ඒ අනුව වත්මන් ශාසනික ගැටලුවලට මුල වූයේ බුදුදහම තම දිවිය තුළින් බැහැර
කිරීමයි. එය ප්‍රායෝගිකව භාවිත නොකිරීමයි. සීලය නොරැකීමයි. භාවනා
නොකිරීමයි. දස අකුසලයෙන් වෙන්ව දස කුසල්හි නොහැසිරීමයි. මිථ්‍යාදෘෂ්ටිකයන්
වීමයි.
විමසා බලන්න 1505 පසුව ලාංකිකයා කෙමෙන් කෙමෙන් දීන පරගැතියකු බවට
පත්විය. ලාභ ලෝභ තකා රට දැය, සසුන පාවා දුන්හ. එහිලා මූලිකත්වය ගත්තෝ රටේ
ප්‍රධානියෝය. ප්‍රධානීන්ම පළමුකොට රට දැය සමය පාවාදී විනාශ මුඛයට ඇද දැමූහ.
ඒ හේතුවෙන් පාලිත මහජනයා දීන භාවයට පත්විය. ඒ දීන භාවයට පත්වීමත් සමග
බුදුදහම තම දිවියෙන් බැහැර විය. බුදුදහම දිවියෙන් බැහැරවීම හේතුවෙන්
සංකීර්ණ ගැටලු රාශියක් පැන නැගුණි. එහි මුල, මැද, අග ලෙහෙසියෙන් පහසුවෙන්
සොයාගත නොහැකි තරමට එය අවුල් සහගතවී ඇත.
‘ද්වේ මේ භික්‌ඛවේ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා. යෝචායං කාමේසු
කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පොතුඡ්ජනිකෝ අනරියෝ අනත්තසංහිතෝ. යෝචායං
අත්තකිලමතානුයෝගෝ දුක්‌ඛෝ අනරියෝ අනත්තසංහිතෝ’ තම කෙලෙස් මල බැහැර කරන
පුද්ගලයා සේවනය නොකළ යුතු අන්ත දෙකකි. යම් මේ හීන වූ ග්‍රාම්‍ය වූ
පෘතඡ්ජනිත වූ අනාර්ය වූ අනර්ථ සහිත වූ කාමයන් කෙරෙහි කම් සැපයෙහි ඇලී වාසය
කිරීමක් වෙයිද එයයි. යම් මේ දුක්‌ඛ වූ අනාර්ය වූ අනර්ථ සහිත වූ ආත්මභාවය
පෙලීමක් වෙයිද එයයි’.
වැටහුණි ද? 1505 පසු මෙරටට පැමිණි විදේශිකයන්ගේ අන්තය නම්
කාමසුඛල්ලිකානුයෝගයයි. ඔවුන්ට කුසල් දහම් නැත. සර්වබලධාරීන් දෙවියන් ඔවුන්ව
සියලු පාපයන්ගෙන් ගලවා ගනී යන මිථ්‍යා දෘෂ්ටියෙහි හැසිරෙයි. එබඳු ජාතීන්ගේ
වසඟයට යැම, එබඳු ජාතීන් තුළින් හරයක් සෙවීම, යමක් උගෙනීම වනාහි අමෘතය
යෑයි සිතා හලාහල විෂ බීමකි. සර්වඥ බුදුරදුන් ප්‍රතික්‌ෂේප කළ මාර්ගයක් තුළ
හැසිරෙන්නකු තුළින් කුමන හරයක් ගත හැකිද? ඔවුන් ශ්‍රේෂ්ඨ යෑයි පාපි
සිතක් පහළ වීද ඒ හේතුවෙන්ම මේ ධර්මද්වීපය පිරිහුණි. වගකිවයුත්තෝ පරගැති
වූවෝය.
දැන් ගැටලුව උඩුදුවා හමාරය. අද සෑම ලාංකිකයකුටම අධ්‍යාපනය ලබා දෙනුයේ
බටහිර චින්තනය අනුවය. ඔහුගේ මනස බටහිර ගතිවනු විනා ස්‌වාධීන නොවනු ඇත. මේ
අධ්‍යාපන ක්‍රමය නිසා බිහිවනුයේ ළිඳෙන් වතුර බී මුහුදට ආවඩන්නන් විනා රට,
දැය, සමය ගැන කැක්‌කුමක් ඇති හෙළයකු නොවේය. අවාසනාවක මහත නම් අද බොහෝ
පැවිද්දන්ටද බටහිර අධ්‍යාපනය ලබාදෙයි. එපමණක්‌ද නොව උන්වහන්සේලාට රැකියාද
ලබා දෙයි. පාලකයෝ මෙතරම් අඥන වූයේ කිමද?
සිහි තබාගන්න. බටහිර චින්තනය නමැති වැල ඇදෙන්නේ රට, දැය, සමය වනසාගෙනය. ඒ
වැල යන අතට මැස්‌ස නොගසා රට, දැය, සමය සුරැකෙන පරිදි මැස්‌ස හදා වැල එහි
යවන්න. ඔබ දැනුමින් පෝෂණය වන්න.නමුදු ස්‌වෛරී චින්තනය විනාශ කර නොගන්න.
තාක්‌ෂණය ප්‍රයෝජනයට ගන්න. නමුදු එය රට, දැය, සමය වැනසීමට නොයොදන්න. තමන්
හැදුණේ, වැඩුණේ මේ හෙළ දිවයිනේ සාරයෙන් බව දැඩිසේ සිත්හි තබාගන්න.
පරගැතියකු නොවන්න.’
සංකීර්ණ ගැටලුවක විසඳුම සංකීර්ණමය. එහිලා විසඳුම ලෙස අප කුමක් ගත
යුතුද? විසඳුම නම් සම්බුද්ධ ශාසනය අර්බුද රහිත වී සුරක්‌ෂිත වීමයි. එතුළින්
රට දැය සුරක්‌ෂිත වේ.
කෙසේ නම් සම්බුද්ධ ශාසනය නිරර්බුදය සුරක්‌ෂිත කරම්ද? කෙසේ නම් රට දැය සුරක්‌ෂිත කරම්ද? එහිලා අපගේ දැක්‌ම මෙයයි.
- පැවිද්දා බුද්ධ වචනය අනුව කටයුතු කළ යුතුය
- ගිහියා ප්‍රතිපත්තිගරු කළ යුතුයි
- අධ්‍යාපන ක්‍රමය දේශීය චින්තනයට අනුකූල කළ යුතුයි
- පාලකයා දස රාජධර්මයෙන් රාජ්‍ය පාලනය කළ යුතුයි
මේ විසඳුම සාර්ථක කරගනු වස් කළ අපට හැක්‌කේ මඟ පෙන්වීම පමණි.
ක්‍රියාත්මක කිරීම උදෙසා වීර්යවන්ත ප්‍රඥවන්ත ගිහියන් අවශ්‍ය වේ. කිමද යත්
පැවිද්දන් වූ අප පැවිද්දන් වනු විනා ගිහිබාග හෝ පැවිදිබාග නොවිය යුතුය.
තථාගත ප්‍රඥප්ති අනුකූලවම මහණකම කළ යුතුය. මහණකම පසෙකලා සසුන රැකිය
නොහැකිය. පළමුකොට තමා නිවැරැදි විය යුතුය. එකල්හිම සෙස්‌සෝ නිවැරැදි කළ
හැකි වේ. එබැවින් අපගේ සීල සමාධි, ප්‍රඥ සුරැකෙන පරිදි ධර්මානුකූලවම කටයුතු
කළ හැකි ප්‍රඥවන්ත යම් ගිහියන් වේ නම් අපගේ සහය නිතැතින්ම ලැබෙනු නියතය.
අන් කවරක් සඳහාවත් නොව ශාසනය රැකගැනීම සඳහාමය. එබඳු ගිහියකු පහත ගුණාංග
සැපිරිය යුතුය.
- අඛණ්‌ඩ පංචසීලයෙන් යුක්‌ත විය යුතුය
- දිනපතා සමථ විපස්‌සනා භාවනා හි නිරත විය යුතුය
- හුදෙක් ධර්මයෙහිම හික්‌මිය යුතුය
එබඳු යම් ගිහියන් මේ ලංකාද්වීපයෙහි සිටී නම් රට දැය සසුන සුරැකිය හැකිය.
එබඳු ගිහියන් හරහා මෙය කෙසේ සිදුකරම්ද? ‘ධම්මෝ හවේ රක්‌ඛති ධම්මචාරී
ධම්මෝ සුචින්ණෝ සුඛමාවහාති’ යෑයි දේශනා කළ නයින් ඒ ගිහියන් ධර්මානුකූලවම
ශක්‌තිමත් කිරීම හරහා සමස්‌ථ සමාජයටම ධර්මානුකූල විය යුතුය යන ධාර්මික
බලපෑම එල්ල කළ යුතුය. ඔවුන් ශක්‌තිමත් කිරීම උදෙසා සිල්වත් පැවිද්දන්
එක්‌විය යුතුය. ඒ අෙන්‍යාන්‍ය සහයෝගය හරහා ප්‍රතිපත්ති දියුණු කරලීම තුළින්
ශාසනය සුරැකිය හැකිය.
සහය විය හැකි යම් නුවණැති ගිහි පැවිදි සත්පුරුෂයන් වේද ඔවුන් කළ යුත්තෙ
තම සීල, සමාධි, ප්‍රඥ ස්‌කන්ධ දියුණු කර ගැනීම පමණි. ඒ සැවොම සප්ත ආර්ය
ධනයෙන් ධනවත් වූවෝ විනා මිල මුදලින් ධනවත්වීම අවශ්‍ය නොවේ. ඒ සප්ත ආර්ය
ධනයම ආයෝජනය කළ යුතු අතර එහි ප්‍රතිලාභය ලෙස නිර්වාණය උරුම වේ. එසේම ඔබ
කෙතරම් මිල මුදල් සහිත වූයේද පංචසීලයවත් රැකිය නොහැක්‌කේ නම් මේ හා එක්
නොවන්න. සීලවන්තයෝම සම්බන්ධ කරගම්හ.
අවසාන වශයෙන් පැවැසිය යුත්තේ මේ සියලු කරුණු නුවණින් විමසා බලා තීරණයකට
බැස ගන්න. විසඳුම් තුළින් සකල ලෝ වැසි සියලු සත්වයෝ ධර්මානුකූල දිවි පෙවෙත්
ගතකොට නිවනින්ම සැනසෙත්වා යන්න අපගේ ඒකායන පැතුමයි.
පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි
-දිවයින-
-දිවයින-

No comments:
Post a Comment