Thursday, October 1, 2015

ලොව දිනා, මව්බිම රැකගෙන ජනපති එනවාලූ.. පිලිගන්න ගුවන් තොටේ මහ උත්සවයක්..

ඇමරිකාවේදී පැවති 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ යලි මෙරටට පැමිණීමට නියමිතය.
එසේ පැමිණෙන ජනාධිපතිවරයා පිලිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපලේ විශේෂ උත්සවයක් සූදානම් කර ඇති අතර ඊට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ඊට සහභාගි වීමට නියමිතය.
අද දිනයේ ඇතැම් ජාතික පුවත්පත්වලද ‘ලොව දිනූ හා මාතෘ භූමිය ආරක්‍ෂා කරගත් අපේ අතිගුරු ජනාදිපති ජනාධිපති මැතිතුමනි, ඔබට අපගේ උත්තමාචාරය’ යන හිසින් යුතුව සුභ පැතුම් පල කර ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...