Friday, August 28, 2015

රුසියාවට එරෙහිව ඇමරිකාවෙන් යුරෝපයට F-22 ප‍්‍රහාරක යානා

නේටෝ මිතුරන්ගේ ආරක්‍ෂාව හා ස්ථාවරත්වය සහතික කිරීමේ පියවරක් ලෙස ඇමරිකාව විසින් ළගදීම යුරෝපයට F-22 ප‍්‍රහාරක යානා ලබාදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු ගුවන් හමුදා ලේකම් ඩෙබොරා ලී ජේම්ස් පවසා ඇත්තේ මෙය ඉතාමත් කඩිනමින් ක‍්‍රියාත්මක කරනු ඇති බවයි.

F-22 යානා රඳවන ස්ථානයන් හෝ කුමන කාලසීමාවකදීද යන්න ලේකම්වරිය විසින් සඳහන් කර නොමැති අතර එය ප‍්‍රහාරක අණදෙන නිලධාරී අවශ්‍යතා සඳහා සහය පළ කිරීමක් ලෙස සිදුකරන බව ඇය පවසා තිබේ.  යුක්රේනය තුළ රුසියානු හමුදා ක‍්‍රියාකාරීත්වය ඇමරිකාවටත් යුරෝපීය මිතුරන්ටත් දැඩි අවධානයට කරුණක් වී ඇති බව ජේම්ස් දක්වා ඇත.

Read More>>>

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...