Friday, August 28, 2015

බෞද්ධයාට වැරදුන තැන…

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාසදම්ම නම් නිගමෙහි වැඩසිටින අවස්‌ථාවෙක්‌හි භික්‌ෂුන් අමතා ‘ඒකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දොaමනස්‌සානං අත්තංගමාය ඥයස්‌සඅධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියායයදිදං චත්තාරෝසතිපට්‌ඨානා…’ ලෙස දේශනා කර වදාළ සේක. එනම් මහණෙනි යම් සතර සතිපට්‌ඨානයක්‌ වෙත්ද එය සත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේවයන් ඉක්‌මවීම පිණිස, දුක්‌ඛ දොaමනස්‌සයන්ගේ කෙළවර පිණිස, ඥය නම් වූ අරිහත්බව අධිගමනය පිණිස, නිවන සාක්‌ෂාත් පිණිස එකම එක මාර්ගය වේ යනුයි. සරලව විස්‌තර කරන්නේ නම් පරමාර්ථ වශයෙන් ඇත්තාවූ දුක්‌ඛයන් කෙළවර කිරීම පිණිස ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම හැර අන් කිසිදු විසඳුමක්‌ නැත්තේමය යනුයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...